Monday, March 14, 2011

මට හිමි නැතී -------- නුඹ


මට හිමි නැතී -------- නුඹ




අරුත පසිඳින්නට            බැරී
තනුව ගලපන්නට           බැරී
මිහිර විඳගන්නට            බැරී
නුඹ- කවිය- මට හිමි     නැතී

පැහැය තවරන්නට         බැරී
සුවඳ විඳ ගන්නට           බැරී
රොන් ගන්න මට ඉඩ   නැතී
නුඹ -කුසුම -මට හිමි    නැතී

නෙතු සැනසු රුව හිමි     නැතී
සිත සැනසු වදනුත්        නැතී
මා  ළගම සිටි නුඹ        නැතී
නුඹ -සොඳුර -මට හිමි   නැතී

------------------------------------
By: Dilan Sampath

No comments:

Post a Comment