Monday, March 14, 2011

හිත ළඟ ලෙන්ගතුවූ මිතුරියට....


හිත ළඟ ලෙන්ගතුවූ මිතුරියට....
මිතුරු කමින් ළඟට       වෙලා
සොඳුරිය කර ගන්න       සිතා
සිටියත් මා පෙරුම්          පුරා
ඇය පිටුපා යන්න           ගියා

සිත අරගෙන  ගිය           නිසා
ඈ මගෙ මුලු ලොව        වෙලා
සිටියත්  මා  ඇය             පතා
කඳුලක්  විය  එය             සදා

මගෙ හිතනම් තරහ        නැතී
හදවතනම් බිඳුණි             සකී
ඔබ එනතුරු රැඳෙමි          නිතී
නාවත්නම්   තරහ          නැතී

මේ භවයෙම වගෙම   සොඳුර
මතු භවයෙත්  ඔබම        පතා
මේ ලෙන්ගතු   හදවත්   පෙම
ඔබ සොයාන   ඒවි           සදා

සංසාරේ   මගේ            පැතුම
බොඳවී   දිය   වී           ගියාට
සංසාරේ ඇගේ             පැතුම්
ඉටු වේවා යැයි        පතනෙමි

සංසාරේ    භවයක            මතු
දෙදෙනා යළි   හමුවූ         විට
ඔබේ හදේ සොඳුරුම      තැන
තබා ගන්න   මාව           සදා

දුක  සතුටට         පෙරලුණදා
මතු භවයක  එක්     වුණ    දා
ඔබ මගෙ පණ ලෙසම    සිතා
ඔබව රකිමි මම්....
සදා රැදෙමි මම්....
""""""""""""""""""""""""""""""""""
By: Dilan Sampath

No comments:

Post a Comment