Wednesday, August 11, 2010

අපේ බ්ලොග් අඩවිය පටන් අරගෙන දැන් ටික දවසක් වෙනවා. හැබැයි ඉතින් තාම තියෙන්නේ පර්යේෂණ මට්ටමේ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ නිකම්ම නිකම් ‍බ්ලොග් අඩවි මානසිකත්වයෙන් මිදිලා අලුත් යමක් හිතන්න පුලුවන් වෙන විධිහට මේක පවත්වාගෙන යන්න. සරළවම කිව්වොත් ඔබට පේන ජීවිත පෙනීමෙන් ඔබ්බට ගිහිල්ල දකින්න පුළුවන් උනොත්.... අ‍පේ පාඨකයන්ගේ ජීවන දෘෂ්ටිය යම්තාක් දුරට හෝ පෘථුල කරන්න ගන්න පොඩි උත්සාහයක් විදියට අපේ බ්ලොග් අඩවිය හදුන්වන්න පුළුවන්.

ඇයි මේකට ඇවිදින් යන්න කියලා දැම්මෙ ? කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇත්තටම අපි ඇයි ඇවිදින් යන්න කියලා දැම්මෙ ? අපේ ජීවිත කවදාකවත් එක තැන රැදිලා තියෙන්නේ නෑ. නිර්වාණය අවබෝධ කර ගන්න තුරු ම අපි සසර පුරාවටම ඇවිදගෙන යන එකනෙ කරන්නෙ. අපි හැමෝම දුවනවා. එත් අපි දුවනවා කියලා අපිට තෙරෙන්නෙ නෑ. අපි විතරක් නෙමෙයි පෘථිවිය, සෞරග්‍රහ මණ්ඩලය වගේම මුලු විශ්වයම නොනවතින ගමනක යෙදිලා ඉන්නෙ. ඉතින් ඒ නිසා අපි ලගට ඇවිල්ලා නවතින්න කියලා නම් අපි කියන්නෙ නෑ. එහෙම කියන එක තේරුමක් නෑ. ඒ හින්දා අපි දැම්මා ඇවිදින් යන්න කියලා. හැබැයි ඔබ ඇවිදින් යන කොට හිස් අතින්නම් යන්නේ නෑ. ඒ කියන්නේ ඔබේ පුංචි මොළේට පුංචිම පුංචි හරි යමක් රැගෙන යාවි කියලා අපිට විශ්වාසයි.

මොකක් ද‍ මේ “ඉමක් නැති ජීවිතයේ නිමක් නැති ලියවිල්ල” කියල දාල තියෙන්නේ. කලින්ම අපි කිව්‍වනේ නිර්වාණය අවබෝධ කර ගන්න තුරු ඉමක් නෑ කියලා. (බෞද්ධ නොවන අපේ සහෝදර සහෝදරියන් මෙහෙම ලිව්වට තරහා වෙන්න එපා. මම බෞද්ධයෙක්. ඒ හින්දයි මේ අදහස් බෞද්ධ දෘෂ්ටි කොණයෙන් විග්‍රහ කළේ). ඉතින් මේ ජිවිතයේ ලියවිලිත් නිමක් නෑ. ඒ හින්දයි අපි මේ විදියට තේමාවක් යොදාගත්තේ. කිසිදු රාමුවකට කොටු‍ නොවූ අව්‍යාජ අදහස් සීමා මායිම්වලින් තොරව මෙහි පළ කරන්න තමයි අදහස් කර ගෙන ඉන්නේ. සාහිත්‍ය, සිනමාව, ජීවිතය, සමාජය, සංස්කෘතිය, දේශපාලනය ආදී ඕනෑම මාතෘකාවකින් ලිපි මෙහි පළවේවි. ඔබේ හිතෙත් මේ වගේ අදහස් තියෙනවනම් හිතේ තියෙන දේ දැනෙන්ම ලියලා අපිට ‍එවන්න. අපි කිසිම ලෝභකමක් නැතුවම ඔබට අවස්ථාව ලබා දෙන්නම්. මේ තියෙන්නේ අපේ වෙබ් අඩවිය www.avidinyanna.co.cc ඔබේ නිර්මාණ වෙබ් අඩවියෙත් පල කරන්න අප සූදානම්. අපිට ඔබේ ලියවිලි එවිය යුතු විද්‍යුත් ලිපිනය admin@avidinyanna.co.cc තමයි මේ තියෙන්නේ. දැනට මම නවතින්නම්. අලුත් මාතෘකා ඔස්සේ ඇතිවෙනකම් කථාකරන්න ඉක්මනින්ම හමු වෙමු.

No comments:

Post a Comment